ඉතින් කොහොමද? මේ හදන්නෙ මගේ දෙවනි පොස්ට් එක ලියන්න. මේක මම ආස කරන ගීතයක් ගැන. කියවල බලන්නකො.
සද කැන් වැසිලා
අදුරේ එතිලා
ගණදුරු රෑ
තනිකම නෑ
සොයා එන්න ගණදුර තරු නිවලා
මගේ එලිය අද ඔබ පමණි
ජීවිතයම සතු එකම සුවේ
හීසර පහරක වෙලෙනු පෙනේ//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල් වාසියෙකු සොයනු දැනේ
සද කැන් වැසිලා…
මා නැත අන් සතු සිත් බිදලා
දෑතම බැදගෙන ඉදිමි බලා//
මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු
රහස් අහස් තලයට පවරා
සද කැන් වැසිලා…
සද කැන් වැසිලා
අදුරේ එතිලා///….
මේ සින්දුව රචනා කලේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා. මේක මතුපිටින් සරල ගීයක් උනාට මේ සින්දුවෙ බොහොම ලොකු කතාවක් සැගවිලා තියනව. ඒ කතාව මට කියල දුන්නෙත් මගෙ යාලුවෙක්. නම අමිල. අපි කියන්නෙ වෙඩ්ඩ කියල. හරි අපි දැන් කතාව ගැන බලමු. මුල් පද පේලිය ටිකක් සරලයි. හොදින් බලුවම තේරුම් ගන්න පුලුවන්. මේ සින්දුවෙ වැදගත් වෙන්නෙ භාෂාව හසුරවල තියන විදිය. හරිම ලස්සනයි. මේ කියන්නෙ තරමක් අදුරු රාත්‍රියක් ගැන. ආදරයෙන් බැදිල ඉන්න යුවලකටනම් ඒ රාත්‍රිය බොහොම සුන්දර එකක් වේවි. නමුත් මේ ගීතයෙ තියෙන්නෙ ටිකක් වෙනස් කතාවක්.
ස්වාම්යා ඒ රාත්‍රියෙ තමන් ගෙ නිවසට එනව, බිරිද විතරයි ගෙදර ඉන්නෙ. ස්වාමිය නිවසට එනකොට දකින්නෙ බොහොම අනුවේදනීය සිදුවීමක්. සිදුවීම අනුවේදනීය උනාට බලන්න ඒක ඉදිරිපත් කරල තියන විදිය.
“ජීවිතයම සතු එකම සුවේ” මේ ස්වාමිය සලකන්නෙ තමන්ගෙ භාර්යාව, තමන්ගෙ ජීවිතයෙ එකම සුවය විදියට.
“හීසර පහරක වෙලෙනු පෙනේ” තමන්ගෙ භාර්යාව වෙනත් කෙනෙකු සමග සබද කමක් පවත්වන බව ස්වාමියාට වැටහෙනව. මේ අදහස ප්‍රේමකීරිති ශූරීන් බොහොම ලස්සනට ඉදිරිපත් කරල තියනව. බලන්න එකෙ අපූරුව. ඔහු ඒක පෙන්වන්නෙ හීසර පහරක වෙලීමක් විදියට.
“මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු” තවත් අපූරු යෙදුමක්. බිරිදගෙ ලස්සන ගැන කියන්න තමයි මේ පද පේලිය භාව්තා කරල තියෙන්නෙ.
“අසල් වාසියෙකු සොයනු දැනේ” ??????????????????????????????
දෙවන අන්තරා කොටසෙ තියෙන්නෙ එක අතකින් පුදුම සහගත ප්‍රතිචාරයක්. මේ ස්වාමිය, වර්ථ්මාන පෙම්වතුන් වගේ පිහියෙන් අනින්න, අසිඩ් ගහන්න යන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු මේ සිදුවීම දෙස උපේක්ෂාවෙන් බලනව.
“මා නැත අන් සතු සිත් බිදලා”
“දෑතම බැදගෙන ඉදිමි බලා”
ඒ වගේම ඔහු පලිගන්න යන්නෙත් නෑ. ඔහු කියනව යම් දවසක අපි වෙන් වෙමු, රහස් අහස් තලයට පවරා, ඇත්තටම පුදුමයි!!
මේ ගීතය ලියපු ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන්ට තිබුනු භෂා හැකියාව නම් ඉතාම විශිෂ්ඨයි. මම හිතනව ඔයගොල්ලොත් මේ ගීතයට කැමති වේයි කියල. අමතක කරන්න එපා කම්මෙන්ට් කරන්න.
ආ! තව පොඩ්ඩෙන් අමතක වෙනව. මම දන්න විදියට නම් මේක ප්‍රේමකීර්ති මහත්මයගෙ ඇත්තම අත්දැකීමක්!!!!!
Sinhala Fonts