Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

ආයුබෝවන්

23 Sep, 2009

මගේ Book Fair ගමන.

පළකරන ලද්දේ : ධනුෂ්ක විසින් Uncategorized තුලයි.

ඔන්න අද(23) දෙවනි සැරේටත් BMICH ගියා. Book Fair එකට. මීට කලින් පහුගිය සඳුදත් ගියා. අපේ නෑනල කීපදෙනෙක් එක්ක. එදානම් මට හිතුන ගියාට වඩා නොගියනම් හොඳයි කියල. ඒගොල්ලො එක්ක ගිහින් පොත් ගැනිල්ල කෙසේ වෙතත් මට උන්ගෙ ළමයි ගැන ඇහැ ගහගෙන ඉන්න උනා. ඒක නිසා අද ආයෙමත් ගියා. අද නම් දෙයියනේ කියල මට ඕන විදියට ඇවිද්ද. අද ඉතින් මම තනියම නෙ ගියෙ. මේ දවස්වල පර්ස් එකේ බර අඩු නිසා පොත් කීපයයි ගත්තෙ. මම ඉතින් සංගීතයට බොහොම කැමති නිසා ඉස්සෙල්ලම ගත්තෙ සංගීත පොත් කීපයක්. කීපයක් කිව්වට ඉතින් දෙකක් විතර තමයි.
ඊට පස්සෙ මම හෙව්වෙ “කාන්තරයේ දරුවො” කියන පොත. බණ්ඩාරනායක hall එකේ ගොඩක් තැන් වල ඒ පොත තිබුන. අද දෙයියනේ කියල බණ්ඩාරනායක එකේ අවිද්දට එදා නම් කිට්ටු කරන්නත් බැරි උනා. මාර සෙනගක් හිටියෙ. හැබැයි අද නම් අවුලක් උනේ නැහැ. “කාන්තරයේ දරුවො” කියන්නෙ “කාන්තාරයේ කුසුම” කියන පොතේ දෙවනි කොටස. “කාන්තාරයේ කුසුම” කියන්නෙ “වාරිස් ඩයරි” කියන ප්‍රසිද්ධ නිරූපිකාවගෙ සත්‍ය අත්දැකීම්. ඒක මාර දුක හිතෙන කතාවක්. ඔන්න කොහොම හරි ඒ පොතත් ගත්ත. ඊට පස්සෙ ගියා Expo graphic ලගෙ stall එකට. ඒකෙ විතරයි computer සම්බන්ද තේරුමක් ඇති පොත් තියෙන්නෙ. හැබැයි ඒවල මිල දැක්කම කලන්තෙ හැදෙනව. ඒක හින්ද වැඩිවෙලා ඉන්නෙ නැතුව ඉක්මනට එලියට ආව.
ඊට පස්සෙ සිරිමාවො hall එක පැත්තට එනකොට හොඳ ලස්සන සින්දු ටිකක් ඇහෙන්න ගත්ත. ඔන්න ඉතින් කැහිල්ල වැඩිකමට ම ගියා සින්දු ඇහෙන පැත්තට. මෙන්න කෙල්ලො කොල්ලො සෙට් එකක් පැරණි නාට්‍ය ගීත කියනව. ඒ විතරක් නෙමෙයි. මුන් ඒව රඟ දක්වලත් පෙන්නනව. මරේ මරු. ඒකත් පැය බාගයක් විතර බැලුව. ඒ සෙට් එක Tower Hall නාට්‍ය පදනමේ ඉගෙන ගන්න සෙට් එකක්. කොහොම හරි ඒකත් බලල ඉතුරු stall වලටත් ගිහින් එනකොට 2.30 විතර උනා.
අද වැඩියම සෙනග හිටියෙ ඔය පැණි බේරෙන නවකතා තියන stall වලයි හොඳ නමක් තියන stall වලයි විතරයි. සරසවි stall එකට එහෙම අදත් කිට්ටු වෙන්න බැහැ. මාර සෙනග. ගුණසේන, ගොඩගේ වගේ ඒවලත් එහෙමම තමයි. ඔය බෞද්ධ පොත් තිබ්බ stall වල නම් සෙනග නැති ගානයි. මම දැක්ක විදියට නම් අපේ අයට book fair ගිහිල්ලත් fancy items නොගෙන ඉන්න බෑවගේ. මොකද fancy items stall වලත් මාර සෙනග. වැඩිපුරම හිටියෙ ගෑනු ලමයි.
ඔන්න ඉතින් ඔහොම තමයි අද දවස ගෙවුනෙ. මේක පොස්ට් කරල ඉවර උනාම කාන්තාරයේ දරුවො කියවන්න පටන් ගන්නව. ඒ පොත ගැනත් විස්තරයක් ලඟදිම දාන්නම්කො.

"මගේ Book Fair ගමන." සඳහා ප්‍රතිචාර 2 යි

1 | දුකා

September 24th, 2009 at 9:50

Avatar

ඉක්මනට පොත බලල ඉවර වෙලා විස්තරයක් ලියන්න . ..

2 | Forced Sex Vudeos

December 19th, 2009 at 9:50

Avatar

well.. it’s like I knew!

ප්‍රතිචාර පෝරමය


  • ධනුෂ්ක: මිනිස්සුන්ගෙ මතය බව ඇත්ත. නමුත් ඒක පෙන්නන්න විදියක් තිබු
  • මොහොමඩ්: අනාගත්ත කියල කියන්නෙ කෝමද බොස් ඒක ඒ මිනිස්සුන්ගෙ මතය. සෑ
  • Lomasleloca: Very nice Blog, I will tell my friends about it. Thanks

About

This is an example of a WordPress page, you could edit this to put information about yourself or your site so readers know where you are coming from.