ජෙනරාල් සරත් ෆොන්සේකා යනු මෙරට බිහිවූ විශිෂ්ඨතම යුධ හමුදාපති වරයාය. ඔහුගේ දැක්ම හා හැකියාව නිසා වසර 30 පමන රටට පිළිලයක්ව පැවති යුද්දය අවසන් කිරීමට හැකිවිය. ඔහු ඉතා සාර්ථක යුධ නායකයෙකි. එහි විවාදයක් නැත. නමුත් කතා කල යුතුව ඇත්තේ වර්ථමානයේ පැතිරී යන කට කතා පිලිබඳවය. එනම් ජෙනරාල් සරත් ෆොන්සේකා විපක්ෂය නියෝජනය කරමින් මීලඟ ජනාධිපති වරණයට ඉදිරිපත් වෙනවා යන්නය. මෙහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් මා සූදානම් වන්නේ මේ පිලිබඳව සත්‍යය පැවසීමටය.
ඉහත සඳහන් ආරංචියට පියාපත් ලැබුනේ ජනපති විසින් ජෙනරාල් ෆොන්සේකාව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් වශයෙන් පත් කිරීමෙන් පසුවය. බොහෝ දෙනෙක් මෙය දකින්නේ ජෙනරාල් වරයාට කරන ලද අපහාසයක් හැටියටය. නමුත් මෙහි දෙපැත්තක් ඇතිබව වටහා ගත යුතුය. එනම් අමාත්‍යාංශ ලේකම් තනතුරක් යනු රාජ්‍ය සේවයේ යාහැකි ඉතා ඉහල තනතුරකි. දැනට රාජ්‍ය සේවයේ තිබෙන ඉහලම තනතුර වනුයේ ජනාධිපති ලේකම් තනතුරයි. නමුත් එම තනතුරට ඉතා සුදුසු පුද්ගලයකු පත් වී සිටියි. එසේ නම් ජනරාල් වරයාගේ තත්වය අනුව රාජ්‍ය සේවයේ ඔහු වෙනුවෙන් දිය හැකි ඉහල තනතුරක් ඔහුට පිරිනමන්නට කටයුතු යොදන ලදී. එමෙන්ම ඉරිදා(18) ලංකාදීපය වාර්තාකර තිබූ අන්දමට ජෙනරාල් වරයා දැනට දරන තනතුරට අමතරව තවත් තනතුරක් දැරීමට කැමතිබව ප්‍රකාශ කර තිබිණි. නමුත් මෙහි විමතියට කාරනය නම් ක්‍රීඩා අමාත්‍යංශය වැනි අමාත්‍යංශයක් ඔහුට ලබාදීමයි.
ඉහතින් දැක්වූ කාරනය මෙරට දේශපාලනයේ බංකොලොත් චරිත කීපයකට ඉතා හොඳ ආරංචියක් විය. ඔවුන්ගේ එකම අදහස වුයේ බංකොලොත් වී ඇති තම දේශපාලන කටයුතු නැවත නගා සිටුවා ගැනීමයි. මේ සඳහා ඔවුන්ට උදවු ලබාගැනීමට අවශ්‍ය තරම් ඊනියා මාධ්‍යවේදීන් සිටියහ. ලංකා ඉ-නිවුස් වැනි එජාප හිතවාදී වෙබ් අඩවි කරුවන් මෙන්ම ලංකා වැනි ජවිපෙ හිතවාදී පුවත්පත් ද මෙම කාර්යට යහමින් දායක විය. එමෙන්ම අපේ රටේ ජාතික පුවත්පත් කීපයකුත් අඩු වැඩි වශයෙන් මෙයට දායක විය. ඔවුන්ගේ බංකොලොත් දේශපාලයනය යලි නගා සිටුවා ගැනීමට නම් වර්ථමාන පාලකයන් හට ලැබී ඇති තත්වය නැතිකල යුතුය. මේ සඳහා ඔවුන් ජෙනරාල් වරයාව යොදා ගැනීමේ කුහක කුමන්ත්‍රනයක යෙදී සිටියි. ජේනරාල් සරත් ෆොන්සේකා යනු මේ රටේ පුරවැසියන් ඉහලින්ම අගයන චරිතයකි. එමෙන්ම බොහොම ගෞරව කරන චරිතයකි. මේ චරිතය රජය පෙරලීම සඳහා ඉතා හොඳ ආකාරයෙන් යොදා ගත හැක. W3 Lanka වැනි ඊනියා කුහක බ්ලොග් කරුවන් තවමත් මේ ප්‍රයත්නය අතහැර නැත. පසුගියදා හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අනතුරු හැඟවීම හේතුවෙන් සමහරක් මාධ්‍ය ආයතන දැන් මෙම ක්‍රියාව නවතා දමා ඇත. කෙසේ වෙතත් තවමත් සමහර වෙබ් අඩවි හා බ්ලොග් කරුවත් මෙම ක්‍රියාව ජයටම කරගෙන යයි.
මෙහි වඩාත්ම පිලිකුල් සහගත කාරනය නම් ජෙනරාල් වරයා ඉත්තෙකු ලෙස භාවිතා කිරීමට ප්‍රයත්න දැරීමයි. ඉරිදා (18) ලංකාදීපය වාර්තා කරතිබූ අන්දමට නව අසූචි සන්ධානයේ ජනපති අපේක්ශකයා ලෙස ඉදිරිපත් කරන පුද්ගලයා යම් කාරනා කීපයකට එකඟ විය යුතුය. එනම් ජනපතිවරනයෙන් ජයලැබූ පසු දින 30ක් ඇතුලත විධායක ජනපති ධූරයේ මුක්තිය අතහැරිය යුතුය. එනම් දින 30න් පසු මේ රටේ සිටිය ජනාධිපති විධායක බලතල අතහැර පඹයකු බවට පත්විය යුතුය. එයට පසු දින 180ක් ඇතුලත විධායක ජනපති ධූරය අහෝසි කල යුතුය. එවිට අපේ ජනාධිපති වරයා හුදෙක් නාමමාත්‍රික ජනාධිපති වරයෙක් පමනි. එමෙන්ම අලුතෙන් පත්වන ජනපතිවරයා හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරනයක් කැඳවිය යුතුය. එම මැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙස අසූචි සංධානයේන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වේ. එවිට රට පාලනය කෙරෙන්නේ විධායක අගමැති වූ වික්‍රමසිංහ මහතා අතිනි. මදක් සිතා බලන්න. මෙම සන්ධාන කරුවන්ට අවශ්‍යවී තිබෙන්නෙ රට යහමගට ගැනීම නොව කෙසේ හෝ බලය ලබා ගැනීම පමනි. ඔවුන්ගේ සූදානම එයට ඉත්තෙකු වශයෙන් ජෙනරාල් වරයාව යොදා ගැනීමයි. කිසිදු බලතලයක් නැතිව නාම මාත්‍රික ජනපතිවරයෙක් වී කෙසේ නම් මේරට ගොඩ ගන්නද??
ජෙනරාල් ෆොන්සේකා වැනි ඉතා වැදගත් චරිත මෙලෙස කුහකලෙස තමන්ගේ පුද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගැනීමට තැත්කරන ඊනියා කාලකණ්නි දේශපාලුවන් හා ඔවුන්ගේ කාලකණ්නි මාධ්‍ය කරුවන්ට අපි කුමක් කරමුද?
Sinhala Fonts