ආයුබෝවන්

ගොඩ කාලෙකින්!!
ඉතින් කොහොමද? කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ. පහුගිය දවස් ටිකේ සින්ඩියෙ හරි හරි දේවල් උනා නේද? මොනව උනත් කට්ටියක් හොදටම නාගත්ත. මොනව කරන්නද. රට යන අත ගැන තේරුමක් නැති එවුන්ටික හොඳටම අනාගත්තනෙ. මම දැක්ක රාමු කාරයනම් පරාජය පිලිගෙන අයින් උනා. ටැබුව නම් තාම ලියනවනෙ. අපේ බන්ඩාරගම සංවිධායක තුමාත් ගොඩ කාලෙකින් දැක්කෙ නැහැ. හරි හරි.. ඔය පරණ කතාවලින් දැන් වැඩක් නැහැනෙ. ලඟදිම හමුවෙමුකො…. අලුත් ලිපියක් දැනට ලියාගෙන යනව.. එතෙක් සුබ අනාගතයක්!!

මෙන්න ඇත්ත!

අහෝ, ජෙනරාල්!!!
ජෙනරාල් සරත් ෆොන්සේකා යනු මෙරට බිහිවූ විශිෂ්ඨතම යුධ හමුදාපති වරයාය. ඔහුගේ දැක්ම හා හැකියාව නිසා වසර 30 පමන රටට පිළිලයක්ව පැවති යුද්දය  අවසන් කිරීමට හැකිවිය. ඔහු ඉතා සාර්ථක යුධ නායකයෙකි. එහි විවාදයක් නැත. නමුත් කතා කල යුතුව ඇත්තේ වර්ථමානයේ පැතිරී යන කට කතා පිලිබඳවය. එනම් ජෙනරාල් සරත් ෆොන්සේකා විපක්ෂය නියෝජනය කරමින් මීලඟ ජනාධිපති වරණයට ඉදිරිපත් වෙනවා යන්නය. මෙහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් මා සූදානම් වන්නේ මේ පිලිබඳව සත්‍යය පැවසීමටය.

ඉහත සඳහන් ආරංචියට  පියාපත් ලැබුනේ ජනපති විසින් ජෙනරාල් ෆොන්සේකාව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් වශයෙන් පත් කිරීමෙන් පසුවය. බොහෝ දෙනෙක් මෙය දකින්නේ ජෙනරාල් වරයාට කරන ලද අපහාසයක් හැටියටය. නමුත් මෙහි දෙපැත්තක් ඇතිබව වටහා ගත යුතුය. එනම් අමාත්‍යාංශ ලේකම් තනතුරක් යනු රාජ්‍ය සේවයේ යාහැකි ඉතා ඉහල තනතුරකි. දැනට රාජ්‍ය සේවයේ තිබෙන ඉහලම තනතුර වනුයේ ජනාධිපති ලේකම් තනතුරයි. නමුත් එම තනතුරට ඉතා සුදුසු පුද්ගලයකු පත් වී සිටියි. එසේ නම් ජනරාල් වරයාගේ තත්වය අනුව රාජ්‍ය සේවයේ ඔහු වෙනුවෙන් දිය හැකි ඉහල තනතුරක් ඔහුට පිරිනමන්නට කටයුතු යොදන ලදී. එමෙන්ම ඉරිදා(18) ලංකාදීපය  වාර්තාකර තිබූ අන්දමට ජෙනරාල් වරයා දැනට දරන තනතුරට අමතරව තවත් තනතුරක් දැරීමට කැමතිබව ප්‍රකාශ කර තිබිණි. නමුත් මෙහි විමතියට කාරනය නම් ක්‍රීඩා අමාත්‍යංශය වැනි අමාත්‍යංශයක් ඔහුට ලබාදීමයි.

ඉහතින් දැක්වූ කාරනය මෙරට දේශපාලනයේ බංකොලොත් චරිත කීපයකට ඉතා හොඳ ආරංචියක් විය. ඔවුන්ගේ එකම අදහස වුයේ බංකොලොත් වී ඇති තම දේශපාලන කටයුතු නැවත නගා සිටුවා ගැනීමයි. මේ සඳහා ඔවුන්ට උදවු ලබාගැනීමට අවශ්‍ය තරම් ඊනියා මාධ්‍යවේදීන් සිටියහ.  ලංකා ඉ-නිවුස් වැනි එජාප හිතවාදී වෙබ් අඩවි කරුවන් මෙන්ම ලංකා වැනි ජවිපෙ හිතවාදී පුවත්පත් ද මෙම කාර්යට යහමින් දායක විය. එමෙන්ම අපේ රටේ ජාතික පුවත්පත් කීපයකුත් අඩු වැඩි වශයෙන් මෙයට දායක විය. ඔවුන්ගේ බංකොලොත් දේශපාලයනය යලි නගා සිටුවා ගැනීමට නම් වර්ථමාන පාලකයන් හට ලැබී ඇති තත්වය නැතිකල යුතුය. මේ සඳහා ඔවුන් ජෙනරාල් වරයාව යොදා ගැනීමේ කුහක කුමන්ත්‍රනයක යෙදී සිටියි. ජේනරාල් සරත් ෆොන්සේකා යනු මේ රටේ පුරවැසියන් ඉහලින්ම අගයන චරිතයකි. එමෙන්ම බොහොම ගෞරව කරන චරිතයකි. මේ චරිතය රජය පෙරලීම සඳහා ඉතා හොඳ ආකාරයෙන් යොදා ගත හැක. W3 Lanka වැනි ඊනියා කුහක බ්ලොග් කරුවන් තවමත් මේ ප්‍රයත්නය අතහැර නැත. පසුගියදා හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අනතුරු හැඟවීම හේතුවෙන් සමහරක් මාධ්‍ය ආයතන දැන් මෙම ක්‍රියාව නවතා දමා ඇත. කෙසේ වෙතත් තවමත් සමහර වෙබ් අඩවි හා බ්ලොග් කරුවත් මෙම ක්‍රියාව ජයටම කරගෙන යයි.

මෙහි වඩාත්ම පිලිකුල් සහගත කාරනය නම් ජෙනරාල් වරයා ඉත්තෙකු ලෙස භාවිතා කිරීමට ප්‍රයත්න දැරීමයි. ඉරිදා (18) ලංකාදීපය වාර්තා කරතිබූ අන්දමට නව අසූචි සන්ධානයේ ජනපති අපේක්ශකයා ලෙස ඉදිරිපත් කරන පුද්ගලයා යම් කාරනා කීපයකට එකඟ විය යුතුය. එනම් ජනපතිවරනයෙන් ජයලැබූ පසු දින 30ක් ඇතුලත විධායක ජනපති ධූරයේ මුක්තිය අතහැරිය යුතුය. එනම් දින 30න් පසු මේ රටේ සිටිය ජනාධිපති විධායක බලතල අතහැර පඹයකු බවට පත්විය යුතුය. එයට පසු දින 180ක් ඇතුලත විධායක ජනපති ධූරය අහෝසි කල යුතුය. එවිට අපේ ජනාධිපති වරයා හුදෙක් නාමමාත්‍රික ජනාධිපති වරයෙක් පමනි. එමෙන්ම අලුතෙන් පත්වන ජනපතිවරයා හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරනයක් කැඳවිය යුතුය. එම මැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙස අසූචි සංධානයේන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වේ. එවිට රට පාලනය කෙරෙන්නේ විධායක අගමැති වූ වික්‍රමසිංහ මහතා අතිනි. මදක් සිතා බලන්න. මෙම සන්ධාන කරුවන්ට අවශ්‍යවී තිබෙන්නෙ රට යහමගට ගැනීම නොව කෙසේ හෝ බලය ලබා ගැනීම පමනි. ඔවුන්ගේ සූදානම එයට ඉත්තෙකු වශයෙන් ජෙනරාල් වරයාව යොදා ගැනීමයි. කිසිදු බලතලයක් නැතිව නාම මාත්‍රික ජනපතිවරයෙක් වී කෙසේ නම් මේරට ගොඩ ගන්නද??

ජෙනරාල් ෆොන්සේකා වැනි ඉතා වැදගත් චරිත මෙලෙස කුහකලෙස තමන්ගේ පුද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගැනීමට තැත්කරන ඊනියා කාලකණ්නි දේශපාලුවන් හා ඔවුන්ගේ කාලකණ්නි මාධ්‍ය කරුවන්ට අපි කුමක් කරමුද?

ෂර්ලොක් හෝම්ස් කතා වස්තුව!
පහුගිය 21 වෙනිදා Book Fair එකට ගිය වෙලාවෙ අපේ නෑන අලුත්ම ෂර්ලොක් හෝම්ස් කතා පොත ගත්ත. එයා ඉතින් ඔය ගත්ත හදිස්සියට ඕක කියවන්නෙ නැති බව දන්න නිසා එදාම මම ඉල්ල ගත්ත, සතියකින් කියවල ගෙනත් දෙන පොරොන්දුව පිට. ඔය අලුත් ෂර්ලොක් හෝම්ස් පොත් මෙලෝ රහක් නැති නිසා මම සල්ලි දීල ගන්නෙ නැහැ. කොහෙන් හරි හොයාගෙන කියවනව.

අලුත් පොත තමයි “සමුදුරේ සටන”. පොතේ පිට කවරෙ ලස්සන උනාට සුපුරුදු පරිදි ඇතුලෙ තිබ්බ කතා ටික නම් මෙලෝ රහක් නැහැ. මේ පාර තියෙන්නෙත් මෙලෝ රහක් නැති කතා ටිකක්. අභිරහස් නැවකුයි, තව තව සිද්ධි කීපයක් ගැනයි මේ පාර තියෙන්නෙ. දැන් මුද්‍රනය වෙන කතාවල අර පරණ කතාවල, එහෙම නැත්නම් නියම ෂර්ලොක් හෝම්ස් කතාවල වගේ ගතියක් නැහැ. මුල් කතාවල වැරදිකාරය හෝ වැරැද්ද වෙච්ච විදිය කතාව ඉවරවෙන තෙක් අදුර ගන්න බැහැ. සමහර විට කතාව මැදදි අහිංසක විදියට හිටපු චරිතයක් කතාව අන්තිමට වැරදිකාරය වෙන්න පුලුවන්. මතකද ඩ්‍රැකිලා භීෂණය කතාව. ඒකෙ වැරදි කාරය වෙන්නෙ පොඩි ළමයෙක්.නමුත් දැන් පලවෙන කතා වල වැරදිකාරය කතාව මැදදිම උපකල්පනය කරන්න පුලුවන්. මම දකින විදියට ඒකට හේතුවක් තියනව.

පළවෙනි කතා 54, ආතර් කොනන් ඩොයිල් ලියල තියෙන්නෙ පොඩි තියරියක් උඩ. ඒක තමයි “නිරීක්ෂණ මගින් නිගමන වලට එළඹීම”. මේ කතාව අපිට හෝම්ස්ගෙ දෙබසක් විදියට කතා කීපයකදීම දකින්න ලැබෙනව. නමුත් මේක හුදෙක් දෙබසක් විතරක් නෙමෙයි. කොනන් ඩොයිල් කතාව ලියනකොටත් මේ තියරිය පාවිච්චි කරල තියනව. මම මෙහෙම කියන්නෙ ඇයි කියන එකට හොඳ පිලිතුරක් ඉස්සරහට ලැබෙයි. මම හිතන විදියට කොනන් ඩොයිල් ගෙ මේ තියරිය නිසා තමයි, මේ කතා ගොඩක් ජනප්‍රිය උනේ. ඒ විතරක් නෙමෙයි. කොනන් ඩොයිල්ට හොද කතා ගොඩනැගී මේ හැකියාවක් තිබුන. ඒකත් එක හේතුවක් මේ කතා ජනප්‍රිය වෙන්න. මෙහම කියනකොට මට මතක් වෙන්නෙ “වොට්සන් හපනෙක් වූ හැටි” කියන කතාව. ඒක පොඩි කතාවක් උනාට බොහොම සිත්ගන්න සුලු විදියට ලියල තියනව. කතාව ආරම්භයෙදි වොට්සන් පාවිච්චි කරන්නෙත් ඔය කියන තියරියමයි. හැබැයි අවසානයට වොට්සන්ගෙ උපකල්පන ඔක්කොම වැරදෙනව. නමුත් අර කිව්ව තියරිය නම් බිඳෙන්නෙ නැහැ. මම දකින්නෙ මේක තමයි කොනන් ඩොයිල් ගෙ කතා ගොඩනැගීමේ හැකියාව.

ඒත් දැන් පළවෙන කතාවල අර සිද්ධාන්තය නියම විදියට යොදා ගන්නවද කියන එක සැක සහිතයි. දැන් පළවෙන කතාවල මේ තියරිය පාවිච්චි උනත් ඒක කතාවෙ අන්තිමට සිත්ගන්න සුලු විදියට පැහැදිලි කෙරෙන්නෙ නැහැ.  අනික තමයි කොනන් ඩොයිල්ට තිබුනු කතා ගොඩනැගීමේ හැකියාව වර්තමාන රචකයට එච්චර හොඳට නැහැ කියලයි මම හිතන්නෙ. ඔන්න ඔය හේතු නිසාතමයි දන් පළවෙන කතා ගොඩක් නීරස වෙලා තියෙන්නෙ. ඇයි වර්තමාන රචකයට එච්චර හොඳට අර සිද්ධන්තය යොදාගන්න බැරි. පහළ තියන ටිකත් කියවන්නකො. එතකොට අදහසක් ලැබෙයි.

මේ කියන්න හදන්නෙ කවුරුත් වැඩිය නොදන්න කතාවක්. කියවල බලන්නකෝ. කොහොමද කොනන් ඩොයිල්ට හොඳට කතා ගොතන්න පුලුවන් උනේ? ඒකට එක හේතුවක් තමයි කොනන් ඩොයිල්ගෙ පවුලෙ කට්ටිය ගොඩ දෙනෙකුට තිබුනු හැකියාව. විශේෂයෙන්ම ඩොයිල්ගෙ ආච්චිට. ඊලඟට කොහොමද ඩොයිල් අර තියරිය හොඳට පාවිච්චිකලේ කතා ලියන කොට. ඒකට හේතුව තමයි ඩොයිල් හෝම්ස් එක්ක වැඩ කරල ලැබිච්ච අත්දැකීම්??????

දැන් කට්ටිය බලනව ඇති මේ මොන හරුපයක්ද කියල. කලබල වෙන්න එපා. කතාව මේකයි. ෂර්ලොක් හෝම්ස් කියන්නෙ හුදෙක්ම මනඃකල්පිත චරිතයක් නෙමෙයි. මේ කියන්න යන ෂර්ලොක් හෝම්ස් ගෙ නියම නම “ජෝෂප් බෙල්”. ජෝෂප් බෙල් කියන්නෙ ආතර් කොනන් ඩොයිල්ගෙ ගුරුවරයෙක්. මම කියන්නම් කොහොමද මම මේ විස්තර හොයා ගත්තෙ කියල. මේ විස්තර ටික තිබුනෙ ශ්‍රීමත් සිඩ්නි ස්මිත්ගෙ Mostly Murder  කියන පොතේ තිබිල. ඒ පොත දැන් “ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම් පිලිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ” නමින් සිංහලට පරිවර්තනය කරල තියනව. සිඩ්නි ස්මිත් කියන්නෙ කොනන් ඩොයිල් ගෙ සමකාලීනයෙක්. ඒක නිසා ඔහුගෙ අදහස් බොහොම වැදගත් වෙනව.

සර් ආතර් කොනන් ඩොයිල් කියන්නෙ වෛද්‍යවරයෙක් කියන එක අපි කවුරුත් දන්නවනෙ. නමුත් ඔහු වෛද්‍ය වරයෙක් වෙන්න කලින් ඉඳලම ජෝෂප් බෙල් ගාව වැඩ කරල තියනව. ඒ බෙල්ගෙ චිකිත්සාගාරයේ බාහිර රෝගීන් පිලිබඳ ලිපිකරුවා විදියට. ඒ කාලෙ වෛද්‍ය උපාධිය ගන්න කලින් ඔයවගේ සුලු සුලු දේවල් කරන්න වෙලා තියනව. දැන් වගේ කෙලින්ම වෛද්‍ය විද්‍යාලයට යන්න ටිකක් අමරුයි ලු.

දැන් කියන්න හදන්නෙ ජෝෂප් බෙල් ගෙ වැඩ. ජෝෂප් බෙල් එක්තරා රෝගියකු ගෙන් අහල තියනව “ඔබ දකුණු ප්‍රදේශයෙන් ආපු නිසා ගොල්ෆ් පිටිය දිගේ ආපු ගමනෙන් විනෝදයක් ලැබුනද” කියල. හැබැයි මේ රෝගියා බෙල්ට සම්පූර්ණයෙන්ම ආගන්තුක රෝගියෙක්. ඔහු ඒ ප්‍රශ්ණය අහල තියෙන්නෙ රෝගියාගේ පාවහන් වල ගෑවිලා තිබ්බ මඩ නිරීක්ෂණය කරල. මතකද මේ වගේ අවස්ථා කීපයක් ම හමුවෙනව ෂර්ලොක් හෝම්ස් කතාවල. ඊලඟට තවත් ආගන්තුක රෝගියෙක් දිහා බලල බෙල් මහත්මය කියල තියනව, ඒ පුද්ගලය සපත්තු සාදන්නෙක් බවත් ඔහු වමත් කාරයෙක් බවත්. මේ බව නිගමනය කරල තියෙන්නෙ රෝගියාගේ කලිසම් කකුල් වල ගෙවුනු තැන් නිරීක්ෂණය කරල. මේ වගේ නිරීක්ෂණ හා නිගමන කීපයක් ම ෂර්ලොක් හෝම්ස් කතාවල තිබුන. දැන් වැටහෙනව නේද කොහොමද කොනන් ඩොයිල්ට මෙච්චර ලස්සනට කතා ගොඩනගන්න හැකියාව ලැබුනෙ කියල. මේ බෙල් ගුරුතුමා ගැන කොනන් ඩොයිල් තමන්ගෙ චරිතාපදානයෙත් ලියන්න අමතක කරල නැහැ. ඔහු ඒකෙදි කියනව බෙල් ගුරුතුමාව තමන් ආදර්ශයට ගත්ත කියල.

Mostly Murder පොතේ තියන විදියට කොනන් ඩොයිල් වෛද්‍ය වෘත්තියෙන් සාර්ථක වෙලා නැහැ. ඒ නිසා තමයි ඔහු ලියන්න පටන් ගෙන තියෙන්නෙ. ඔහුට ආපු අපූරු අදහස් තමයි තමන් ගෙ පරණ ගුරුවරයගෙ හැකියාවනුත් යොදාගෙන රහස් පරීක්ෂක කතාවක් ලෙස නිර්මාණය කලේ. ඒ කතාවල දොස්තර වොට්සන් ලෙස කරළියට එන්නෙත් කොනන් ඩොයිල්ම තමයි.

ඉතින් ඔන්න ඔහොම තමයි ෂර්ලොක් හෝම්ස් කෙනෙක් මේ ලෝකෙට ඇති උනේ. ආ තව කියන්න දෙයක් තියනව. බේකර් වීදියෙ අංක 221b දරණ ගෙයත් හුදෙක්ම මනඃකල්පිතයක් නෙමෙයි. බලන්නකො පහත තියන link එක…………

ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරය

මේකද ඇත්ත??
බලමු!! ලඟදිම එලිවෙයිනෙ!

මගේ Book Fair ගමන.
ඔන්න අද(23) දෙවනි සැරේටත් BMICH ගියා. Book Fair එකට. මීට කලින් පහුගිය සඳුදත් ගියා. අපේ නෑනල කීපදෙනෙක් එක්ක. එදානම් මට හිතුන ගියාට වඩා නොගියනම් හොඳයි කියල. ඒගොල්ලො එක්ක ගිහින් පොත් ගැනිල්ල කෙසේ වෙතත් මට උන්ගෙ ළමයි ගැන ඇහැ ගහගෙන ඉන්න  උනා. ඒක නිසා අද ආයෙමත් ගියා. අද නම් දෙයියනේ කියල මට ඕන විදියට ඇවිද්ද. අද ඉතින් මම තනියම නෙ ගියෙ. මේ දවස්වල පර්ස් එකේ බර අඩු නිසා පොත් කීපයයි ගත්තෙ. මම ඉතින් සංගීතයට බොහොම කැමති නිසා ඉස්සෙල්ලම ගත්තෙ සංගීත පොත් කීපයක්. කීපයක් කිව්වට ඉතින් දෙකක් විතර තමයි.

ඊට පස්සෙ මම හෙව්වෙ “කාන්තරයේ දරුවො” කියන පොත. බණ්ඩාරනායක hall එකේ ගොඩක් තැන් වල ඒ පොත තිබුන. අද දෙයියනේ කියල බණ්ඩාරනායක එකේ අවිද්දට එදා නම් කිට්ටු කරන්නත් බැරි උනා. මාර සෙනගක් හිටියෙ. හැබැයි අද නම් අවුලක් උනේ නැහැ.  “කාන්තරයේ දරුවො” කියන්නෙ “කාන්තාරයේ කුසුම” කියන පොතේ දෙවනි කොටස. “කාන්තාරයේ කුසුම” කියන්නෙ “වාරිස් ඩයරි” කියන ප්‍රසිද්ධ නිරූපිකාවගෙ සත්‍ය අත්දැකීම්. ඒක මාර දුක හිතෙන කතාවක්. ඔන්න කොහොම හරි ඒ පොතත් ගත්ත. ඊට පස්සෙ ගියා Expo graphic ලගෙ stall එකට. ඒකෙ විතරයි computer සම්බන්ද තේරුමක් ඇති පොත් තියෙන්නෙ. හැබැයි ඒවල මිල දැක්කම කලන්තෙ හැදෙනව. ඒක හින්ද වැඩිවෙලා ඉන්නෙ නැතුව ඉක්මනට එලියට ආව.

ඊට පස්සෙ සිරිමාවො hall එක පැත්තට එනකොට හොඳ ලස්සන සින්දු ටිකක් ඇහෙන්න ගත්ත. ඔන්න ඉතින් කැහිල්ල වැඩිකමට ම ගියා සින්දු ඇහෙන පැත්තට. මෙන්න කෙල්ලො කොල්ලො සෙට් එකක් පැරණි නාට්‍ය ගීත කියනව. ඒ විතරක් නෙමෙයි. මුන් ඒව රඟ දක්වලත් පෙන්නනව. මරේ මරු. ඒකත් පැය බාගයක් විතර බැලුව. ඒ සෙට් එක Tower Hall නාට්‍ය පදනමේ ඉගෙන ගන්න සෙට් එකක්. කොහොම හරි ඒකත් බලල ඉතුරු stall වලටත් ගිහින් එනකොට 2.30 විතර උනා.

අද වැඩියම සෙනග හිටියෙ ඔය පැණි බේරෙන නවකතා තියන stall වලයි හොඳ නමක් තියන stall වලයි විතරයි. සරසවි stall එකට එහෙම අදත් කිට්ටු වෙන්න බැහැ. මාර සෙනග. ගුණසේන, ගොඩගේ වගේ ඒවලත් එහෙමම තමයි. ඔය බෞද්ධ පොත් තිබ්බ stall වල නම් සෙනග නැති ගානයි. මම දැක්ක විදියට නම් අපේ අයට book fair ගිහිල්ලත් fancy items නොගෙන ඉන්න බෑවගේ. මොකද fancy items stall වලත් මාර සෙනග. වැඩිපුරම හිටියෙ ගෑනු ලමයි.

ඔන්න ඉතින් ඔහොම තමයි අද දවස ගෙවුනෙ. මේක පොස්ට් කරල ඉවර උනාම කාන්තාරයේ දරුවො කියවන්න පටන් ගන්නව. ඒ පොත ගැනත් විස්තරයක් ලඟදිම දාන්නම්කො.

ඔන්න මමත් සින්ඩියෙ!!!
ෂා!! අද නම් මාර happy දවසක්. අද මගේ බ්ලොග් එකත් සින්ඩියට එකතු උනා. දවස් හතරක් වගේ ඇතුලත මේක සින්ඩියට ඇතුලත් උනා. මාවත් සින්ඩියට එකතු කරගත්තු කාලිංග සහෝදරය අතුලු සිංහල බ්ලොග් කරුවන්ගෙ සංගමයට මම ස්තූතිවන්ත වෙනව.

බ්ලොග් එකේ මුලින් සඳහන් වෙනව වගේ මගේ අදහස් වගේම මම කැමති විෂයන් වල කරුනුත් මම මේකට එකතු කරනව. ඉතින් දිගටම මාත් එක්ක රැඳිල ඉන්න. හැබ‍යි අමතක කරන්න එපා comment කරන්න නම්.

බලාගෙනයි! ! !
අපේ රටේත් බොහොම ජනප්‍රිය දෙයක් තමයි Coca Cola සහ Mentos. ඒත් පොඩ්ඩක් පහල පින්තුර දිහා බලන්න.

හිතේ රැදුනු ගීතයක්
ඉතින් කොහොමද? මේ හදන්නෙ මගේ දෙවනි පොස්ට් එක ලියන්න. මේක මම ආස කරන ගීතයක් ගැන. කියවල බලන්නකො.

සද කැන් වැසිලා

අදුරේ එතිලා

ගණදුරු රෑ

තනිකම නෑ

සොයා එන්න ගණදුර තරු නිවලා

මගේ එලිය අද ඔබ පමණි

ජීවිතයම සතු එකම සුවේ

හීසර පහරක වෙලෙනු පෙනේ//

මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු

අසල් වාසියෙකු සොයනු දැනේ

සද කැන් වැසිලා…

මා නැත අන් සතු සිත් බිදලා

දෑතම බැදගෙන ඉදිමි බලා//

මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු

රහස් අහස් තලයට පවරා

සද කැන් වැසිලා…

සද කැන් වැසිලා

අදුරේ එතිලා///….

මේ සින්දුව රචනා කලේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා. මේක මතුපිටින් සරල ගීයක් උනාට මේ සින්දුවෙ බොහොම ලොකු කතාවක් සැගවිලා තියනව. ඒ කතාව මට කියල දුන්නෙත් මගෙ යාලුවෙක්. නම අමිල. අපි කියන්නෙ වෙඩ්ඩ කියල. හරි අපි දැන් කතාව ගැන බලමු. මුල් පද පේලිය ටිකක් සරලයි. හොදින් බලුවම තේරුම් ගන්න පුලුවන්. මේ සින්දුවෙ වැදගත් වෙන්නෙ භාෂාව හසුරවල තියන විදිය. හරිම ලස්සනයි. මේ කියන්නෙ තරමක් අදුරු රාත්‍රියක් ගැන. ආදරයෙන් බැදිල ඉන්න යුවලකටනම් ඒ රාත්‍රිය බොහොම සුන්දර එකක් වේවි. නමුත් මේ ගීතයෙ තියෙන්නෙ ටිකක් වෙනස් කතාවක්.

ස්වාම්යා ඒ රාත්‍රියෙ තමන් ගෙ නිවසට එනව, බිරිද විතරයි ගෙදර  ඉන්නෙ. ස්වාමිය නිවසට එනකොට දකින්නෙ බොහොම අනුවේදනීය සිදුවීමක්. සිදුවීම අනුවේදනීය උනාට බලන්න ඒක ඉදිරිපත් කරල තියන විදිය.

“ජීවිතයම සතු එකම සුවේ” මේ ස්වාමිය සලකන්නෙ තමන්ගෙ භාර්යාව, තමන්ගෙ ජීවිතයෙ එකම සුවය විදියට.

“හීසර පහරක වෙලෙනු පෙනේ” තමන්ගෙ භාර්යාව වෙනත් කෙනෙකු සමග සබද කමක් පවත්වන බව ස්වාමියාට වැටහෙනව. මේ අදහස ප්‍රේමකීරිති ශූරීන් බොහොම ලස්සනට ඉදිරිපත් කරල තියනව. බලන්න එකෙ අපූරුව. ඔහු ඒක පෙන්වන්නෙ හීසර පහරක වෙලීමක් විදියට.

“මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු” තවත් අපූරු යෙදුමක්. බිරිදගෙ ලස්සන ගැන කියන්න තමයි මේ පද පේලිය භාව්තා කරල තියෙන්නෙ.

“අසල් වාසියෙකු සොයනු දැනේ” ??????????????????????????????

දෙවන අන්තරා කොටසෙ තියෙන්නෙ එක අතකින් පුදුම සහගත ප්‍රතිචාරයක්. මේ ස්වාමිය, වර්ථ්මාන පෙම්වතුන් වගේ පිහියෙන් අනින්න, අසිඩ් ගහන්න යන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු මේ සිදුවීම දෙස උපේක්ෂාවෙන් බලනව.

“මා නැත අන් සතු සිත් බිදලා”

“දෑතම බැදගෙන ඉදිමි බලා”

ඒ වගේම ඔහු පලිගන්න යන්නෙත් නෑ. ඔහු කියනව යම් දවසක අපි වෙන් වෙමු, රහස් අහස් තලයට පවරා, ඇත්තටම පුදුමයි!!

මේ ගීතය ලියපු ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන්ට තිබුනු භෂා හැකියාව නම් ඉතාම විශිෂ්ඨයි. මම හිතනව ඔයගොල්ලොත් මේ ගීතයට කැමති වේයි කියල. අමතක කරන්න එපා කම්මෙන්ට් කරන්න.

ආ! තව පොඩ්ඩෙන් අමතක වෙනව. මම දන්න විදියට නම් මේක ප්‍රේමකීර්ති මහත්මයගෙ ඇත්තම අත්දැකීමක්!!!!!

ආයුබෝවන්
ඔන්න මටත් හිතුන බ්ලොග් එකක් පටන් ගන්න. ඉතින් මමත් පටන්ගත්ත බ්ලොග් එකක් පොඩියට. තාම මේක හොස්ට් කරල තියෙන්නෙ ෆ්‍රී සඉට් එකක. අනාගතයේ දී මමත් බලාපොරොත්තු වෙනව මගේම කියල තැනක හොස්ට් කරන්න. මේ මගේ පලවෙනි බ්ලොග් එක. මම බලාපොරොත්තු වෙනව මගේ අත්දැකීම් ඔයගොල්ලො එක්ක බෙදා ගන්න. මේ බ්ලොග් එකෙන් රටේ ලොකෙ වෙන දේවල් ගැන මගේ මතයත් මම කියන්න උත්සහ කරනව. ඉතින් ඔයගොල්ලොත් එකතුවන්න මගේ බ්ලොග් එකත් එක්ක.  දිගටම මේකත් එක්ක රැදිල ඉන්න. හැබැයි අමතක කරන්න එපා මගේ ලිපි වලට ප්‍රතිචාර දක්වන්න.